2016 ඔක්තෝබර් 24 වන සඳුදා

පොදු අපේක්ෂකකම මුලින්ම දුන්නේ මටයි

 2016 ඔක්තෝබර් 24 වන සඳුදා, පෙ.ව. 12:00 88

පසුගිය කාලේ වරාය අධිකාරියේ වර්ජන, උද්ඝෝෂණ, හැලහැප්පිලි විමානයයි. එකවරම ඒ සියල්ලම නැවතුනා. මොකද්ද ඇත්තටම සිද්ධ වුණේ?
මේක වරායේ වෘත්තීය සමිති නායකයෝ කියාගන්නා කීපදෙනෙක් වෘත්තීය සමිතියේ අනුදැනුම රහිතව පටන්ගත්ත මඩ ගැසීමේ ව්‍යාපාරයක්. සමහර වෘත්තීය සමිති නායකයන්ගේ පෞද්ගලික ඉල්ලීම් අපි කරලා දීලා තියෙනවා. දරැවෝ රස්සාවලට දාන ඒවා, ඇතුළට ලොරි දාගන්න ඒවා අපි කරලා දුන්නා. මම ජනාධිපතිතුමාව හා අගමැතිතුමාව දැනුම්වත් කරලා තීරණයක් ගත්තා වරාය අධිකාරියට පාඩුවක් නොවෙන්න ඉදිරිකටයුතු කරගෙන යන්න.  

 


හේතුවක් නැතුව නෙවෙයිනේ ඔවුන් වැඩ වර්ජනය කළේ?
ඔව් හේතු තියෙනවා. පසුගිය කාලේ වරාය අධිකාරියෙන් අමතර ආදායම් ලබපු අයට දැන් ඒවා ලැබෙන්නේ නෑ. ඒවායෙන් යැපිච්ච අයට තේරැණා මමයි, සභාපතිවරයයි ඉන්නකන් පසුගිය ආණ්ඩුකාලේ කරපුවා කරගන්න බෑ කියලා. 

 


පසුගිය ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට වරාය අධිකාරිය මාරැවෙද්දී දූෂණ වංචා චෝදනා රුසක් ගැන කියවුණා. ඒ ගැන පරීක්ෂණ කරනවද, කරලා ඉවරද, පරීක්ෂණ තාම ආරම්භ කරලත් නැද්ද?
හුඟක් ඒවා ආරම්භ කරලා තියෙනවා. සමහර ඒවා වරාය අධිකාරියෙනුත් තවත් දූෂණ කටයුතු FCID, CID, ජනාධිපති විමර්ශන අංශය මගිනුත් සිද්ධ කෙරෙනවා. මේ ආයතනය මේ තැනට වැටුණේ සේවකයන් හින්දා නෙවෙයි, සමහර නිලධාරින් හින්දත් නෙවෙයි. මේකෙ හිටිය සභාපතිවරැ, අධ්‍යක්ෂවරැ නිසා. 

 


වරාය දිගින් දිගටම පාඩු ලබනවා, අගාධයට වැටෙනවා කියලා ඒකාබද්ධ විපක්ෂය සංඛ්‍යා ලේඛන පෙන්නමින් කෑගහනවා?
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියා කියන කෙනා තමයි මෙතන අමාත්‍යවරයා වෙලා හිටියේ. ඒකාබද්ධෙ කෑගහන එක්කෙනා තමයි නියෝජ්‍ය අමාත්‍ය වෙලා හිටියෙ. මේවා පාඩුවට යවන්න වැඩ කළේ ඒ කටිටිය. සිංගප්පූරැව, මැලේසියාව, ඩුබායි වගේ වරායන් පහතට වැටෙද්දී අපි &වරායක්* විදිහට අපි ඉහළ තැනක ඉන්නවා. පසුගිය අවුරැද්දේ විතරක් අපි 11෴ක වර්ධනයක් වාර්තා කළා. 

 


ඒ කියන්නේ වරාය අධිකාරිය පාඩු ලබන්නේ නැද්ද?
ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්. පසුගිය කාලේ කෑගහපු වෘත්තීය සමිති නායකයොන්ගේ ළමයි ඉන්නවා වරායට සම්බන්ධ පෞද්ගලික ආයතනවල. නායකයෝ ටික වරායට එන නැව් ටික හරවනවා අර පෞද්ගලික සමාගම්වලට. මෙහෙ වැඩවර්ජන තියෙද්දී එන නැව් ටිකත් යන්නේ වරාය සේවා සපයන අර පෞද්ගලික සමාගම්වලටමයි.

 


ඔහොම කිව්වට ඕවා ඇත්තටම සිද්ධ වුණාද?
ඇයි නැත්තේ? පසුගිය අප්‍රේල් මාසේ මෙහෙ ලොකු වැඩවර්ජනයක් තිබ්බා. ඒ කාලෙට විතරක් වරාය අධිකාරියට කන්ටේනර් 50,000ක විතර අහිමිවීමක් වුණා. රජයට එන්න තිබුණ සල්ලි යන්නේ අර පෞද්ගලික සමාගම්වලට. මේවා මෙහෙම සිද්ධ වෙද්දිත් තමයි අපි වරාය අධිකාරියක් විදිහට වඩා වරායක් විදිහට ලාභ ලබන්නේ. 

 


සරලව කිව්වොත් දැනට වරාය අධිකාරිය පාඩු ලබනවද නැද්ද?
වරායක් හැටියට අපි පාඩු ලබන්නේ නැහැ. හැබැයි හම්බන්තොට වරායට ගත්ත ණය මෙහෙන් හම්බකරන සල්ලිවලින් ගෙවන්න වෙලා තියෙන නිසා අපි පාඩු ලබන තැනට පත්වෙලා තියෙනවා. කොළඹ අපි පාඩු ලබන්නෙ නැහැ. ගාල්ල, ත්‍රිකුණාමලය අපි ලාභ ලබන තැනට ගෙනාවා. 

 


ඔබ එන්න කලින් ගාල්ල, ත්‍රිකුණාමලය පාඩු ලැබුවද?
ඔව් පාඩු ලැබුවා. 

 


ඇයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්න හදන්නේ?
විකිණීමක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ. මෙතන සිද්ධවෙන්නෙ සංවර්ධනයක්. අපිට මුදල් නැහැ නැගෙනහිර පර්යන්තය තනියම ගෙනියන්න. රටක් හැටියට අපි විශාල මුදල් ප්‍රමාණයක් ණය වෙලා තියෙනවා. ඒ නිසා අපට කාගෙන්වත් ණය ගන්න බැහැ. භාණ්ඩාගාරයෙනුත් සල්ලි දෙන්නෙ නැහැ. මම කැබිනට් ඇමැතිවරයා විදිහට මුලින්ම තීරණය කළා අපට 51෴ තියාගෙන 49෴ක් පිට සමාගමකට දෙන්න. 

 


මේ ආණ්ඩුවට එල්ල වෙච්ච ලොකු චෝදනාවක් තමයි රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනවා කියලා. ඒකද මේ සිද්ධ වෙන්නේ?
නැහැ. පැහැදිලිවම නැහැ. අනික මේ ආණ්ඩුව නෙවෙයි වරාය පෞද්ගලීකරණය කළේ. ඔය SAGT කියලා ආයතනයක් තියෙනවා. ඔවුන්ටත් පෞද්ගලික පර්යන්තයක් තියෙනවා. ඒ පර්යන්තයේ 15෴යි රජයට අයිති. ඉතිරි 85෴ අයිති පෞද්ගලික සමාගමට. නැගෙනහිර පර්යන්තයේ අඩුම තරමින් 15෴ වරාය අධිකාරියටත් ඉතිරිය ඒ වෙනුවෙන් පැමිණෙන ආයෝජකයාටත් වශයෙන් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 

 


පෞද්ගලික ආයෝජකයන් සමඟ පර්යන්තය බෙදාගන්නවා හැරෙන්න වෙන ගන්න විසඳුමක් ඇත්තෙම නැද්ද?
නැහැ. පසුගිය ආණ්ඩුවේ පව් ගෙවන්න තියෙන නිසා අපි දැන් ආයෝජකයන් කේවල් කරන මට්ටමක නැහැ. අපට කාගෙන් හරි යැපෙන්න සිද්ධවෙලා තියෙනවා. 

 


මේ සතියේ අප පුවත්පතටම ප්‍රකාශයක් කරමින් ඔබේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහත්තයා කියලා තියෙනවා ඔහුගේ සහ ඔබගේ මළ සිරැරැ මතින් ගිහින් මිසක් නැගෙනහිර පර්යන්තය විකුණන්න දෙන්නේ නැහැයි කියලා?
ඔව්. අපි ආසයි මේක සීයයට සීයයක් සම්පූර්ණව අපේ ළඟ තියාගන්න. නමුත් ඇත්තට මුහුණ දුන්නොත් අපි ඉන්නේ නැගෙනහිර පර්යන්තය කරගෙන යන්න තරම් මූල්‍ය අතින් ශක්තිමත් තැනක නෙවෙයි. අපිව ඒ තැනට පත් කළේ ඔය වර්ජන කරපු මිනිස්සු ටික. 

 


ඇමැතිතුමා, නැගෙනහිර පර්යන්තය දෙන්න හදන්නේ ඉන්දියානු සමාගමකටද?
නැහැ එහෙම එකක් නැහැ. ඇත්තටම ඉන්දියාවේ නැව් සමාගම් නැහැ. ඉන්දියාවේ තියෙන්නේ නැව් ව්‍යාපාර කරන සමාගම් විතරයි. 

 


හම්බන්තොට වරායත් විකුණන්න හදනවා කියලා කතාවක් තියෙනවා?
නැහැ. ඔබ එතනත් වරද්දනවා. අපි මේ කිසිදෙයක් විකුණන්නේ නැහැ. ඔබ දන්නවද හම්බන්තොට වරාය හදන්න රැපියල් බිලියන 142ක ණයක් පසුගිය ආණ්ඩුව ගත්තා. අපි දැන් ඒ ණය වාරික සහ පොලී ගෙවාගෙන යනවා. මේක ලේසි වැඩක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සහ මලික් සමරවික්‍රම ඇමැතිතුමා දැනට චීන සමාගම් දෙකක් සමඟ සාකච්ඡා කරනවා මේ බර බෙදාගන්න. ඒ දෙන්නගෙන් හොඳ එක්කෙනා තෝරගන්න දැනට කටයුතු කරනවා. 

 


ඒ දෙන්නගෙන් හොඳ එක්කෙනාට හම්බන්තොට වරාය දෙනවද?
වරාය කටයුතු පවත්වාගෙන යද්දී ඒකෙන් යම් කොටසක් පාලනය කරන්න ඔවුන්ට දෙනවා. ඉතිරිය අපේ අතේ තියෙන්නේ. මොකද හම්බන්තොට වරාය ඔය කියන තරමට අතිශය තීරණාත්මක වරායක් වෙන්න නම් එහි තෙවන අදියරත් අවසන් කරන්න ඕන. ඒකට අපට සල්ලි නැහැ. මේ සියල්ල හිතලා තමයි අපි විදෙස් ආයෝජකයන් සමඟ සම්බන්ධ වෙන්නෙ.

 

 
ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කරලා ඉන් අනතුරැව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ගිහිල්ලා දැන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියේදී ඔබේ දේශපාලනය කා සමඟද?
ඔබ වැරුදියි. මම එක්සත් ජාතික පක්ෂයෙ නෙවෙයි ඉන්නේ. මම ඉන්නේ එක්සත් ජාතික පෙරමුණේ. මම කල්පනා කරන්නේ පක්ෂයක් ගැන නෙවෙයි. දේශපාලනය කියන විෂය, එහෙමත් නැත්නම් දේශය පාලනය කරන්නේ කොහොමද කියන එක ගැන විතරයි. 

 


දූෂණය වළක්වන්න කියලා අරන් ආපු මේ ආණ්ඩුවේ සමහර අමාත්‍යවරැන්ටත් දූෂණ චෝදනා එල්ල වෙනවා?
ජනාධිපතිතුමා වගේම අගමැතිතුමත් පැහැදිලිව කිව්වා එහෙම දේවල් මේ ආණ්ඩුව කළොත් ලැබෙන දඬුවම් ඉතා දරැණුයි කියලා. මේ ආණ්ඩුවේ ඉන්න ඕනෑම ප්‍රබලයෙක් වුණත් වැරදි කරලා තියෙනවා නම් දඬුවම් දිය යුතුයි. මම ඒ ස්ථාවරයේ ඉන්නවා.  

 


පසුගිය ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා ඔබ කිව්වා ඔබ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පවුල් පාලනයට විරැද්ධයි කියලා. හැබැයි අද වෙද්දී වරායේ පවුල් පාලනයක් අරන් යනවා කියලා චෝදනා නැගෙන්නෙ ඔබටමයි?
නැහැ. මම කවදාවත් &පවුල් පාලනය* කියලා කොතනවත් කිව්වෙ නැහැ. මම කතා කළේ දූෂණය ගැන විතරයි. මට පවුල් පාලනයක් කියලා චෝදනාවක් එන්නේ මම මගේ වැඩිමහල් සහෝදරයා වරායේ සභාපතිවරයා කළ නිසා වෙන්න ඇති. හැබැයි ඔහු අමෙරිකාවෙදි ඩොලර් 10,000 – 15,000ක් වැටුප් ගත්ත අයෙක්. ඒ රස්සාව දාලා මෙහෙ ඇවිල්ලා මට උදව් කරන්නෙ ජනාධිපතිවරයා මට භාර දුන්න ඉලක්කය සපුරාගැනීම උදෙසා පමණයි. අනික මම විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ වගේම නිදහස් පක්ෂයේත් ඇමැතිවරැන්ගේ සහෝදරයෝ එක එක ආයතනවල ඉන්නවා. 

 


පසුගිය ආණ්ඩුවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයත් කිව්වේ ඔහු ඒ ඒ තැන්වලට ඔහුගේ පවුලේ අය පත්කරගත්තේ විශ්වාසය හින්දා කියලා. දැන් ඔබත් කියන්නේ ඒකද?
යුද්ධය සහ ගෝඨාභය රාජපක්ෂ කියන කාරණයේදී පමණක් මම ඒකට එකඟයි. අනිත් පැත්තට මහින්ද රාජපක්ෂ මහත්තයා පරදින්නත් හේතු වුණේ එයාගේ පවුලේ අයම තමයි. මම මේ එක්කෙනෙක් දාපු එකත් එක්ක රාජපක්ෂ පවුල් ගහ සසඳන්න යනවනම් එහෙම කරන මනුස්සයාගේ බුද්ධි මට්ටම ගැන මට ගැටලුවක් තියෙනවා. 

 


සහෝදරයා විතරක් නෙවෙයි ඔබේ මාමා කෙනෙකුත් උපදේශකවරයෙක් විදිහට වරාය අධිකාරියේ ඉන්නවා නේද?
ඔය යුනියන්කාරයෝ කිව්වා මගේ අම්මත් උපදේශක කෙනෙක් කියලා. නැව් සංස්ථාවේ සභාපතිගේ නම ධනතුංග. අන්තිමට එයත් &රණතුංග* කෙනෙක් වුණා. අපි එන්නත් අවුරැදු ගාණකට කලින් ඉඳලා මෙහේ හිටිය දත්ත ගුණසේකරත් අන්තිමට මගේ නෑදෑයෝ කියලා කිව්වා. ඒ අපේ අම්මාගේ නාමය ගුණසේකර නිසා. 

 


ඇයි ඔබ හැමදේටම යූනියන්වලට චෝදනා කරන්නේ?
යූනියන් විතරක් නෙවෙයි. අපට විරැද්ධව ඉන්න තවත් අය මිනිස්සු පොලඹවමින් මේ මඩ ගැහිල්ල පිටිපස්සේ ඉන්නවා. මට පෞද්ගලිකව මඩ ගහපු තුන්දෙනෙක්ට එරෙහිව එන සුමානෙදි මම නීති මගින් ක්‍රියාකරනවා. යූනියන්වලට ඕන විදිහට නටවන්න බැරි ඇමැති කෙනෙක් මම.  

 


වරාය ඇතුළේ &ස්පා* එකක්, එහෙම නැත්නම් සම්භාහන ආයතනයක් හැදුවා කියලත් ඔබට චෝදනා එල්ල වුණා?
සමහරැ ඉන්නවා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයයි, මසාජ් ක්ලීනික් එකයි දන්නෙ නැති අය. ඒ මිනිස්සු මසාජ් ක්ලීනික්වලට ගිහින් තිබ්බට ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිහිල්ලා නැහැ. ඉතින් එහෙම අයට කොහොමද මම මේක පැහැදිලි කරන්නේ. දැනටම මේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගත්ත දහසකට ආසන්න වරාය සේවකයන්ගේ ඔය ප්‍රශ්නයට උත්තරය ලැබේවී. 

 


ඔබ වරායේ ලී මඩුවෙන් ඔබේ ගෙදරට ලී බඩු හදාගෙන ගියා කියලා පසුගිය කාලේ මාධ්‍ය වාර්තා කළා?
ඔය මඩ චෝදනාව යට තියෙන කතාව කවුරැවත් දන්නෙ නැහැ. වරායේ වඩු මඩුව තමයි ලංකාවේ හොඳම වඩු මඩුව. එහෙව් වඩු මඩුවක් තියාගෙන මේකේ හිටිය මිනිස්සු කොමිස්වලට පිටින් ලී බඩු සල්ලි දීලා ගත්තා. මම කළේ පිටින් ලීබඩු ගන්න එක නවත්තලා වරායේ වඩු මඩුවට අවස්ථාව දුන්නා පන්සීයකට අධික වරායට හිමි නිවාස හා අනෙක් සෑම තැනකටම අවශ්‍ය ලී බඩු හදන්න. කොමිස් නැතිවුණාම රත් වෙච්ච හොරැ ටික මට මඩ ගැහුවා. 

 


ඔබ රටේ අතිශය ගෞරවයට පත්වූ ක්‍රිකට් නායකයෙක්. හැබැයි අවාසනාවකට ඔබට චෝදනාවක් එල්ල වුණා ඔබ වරායට ක්‍රිකට් - දේශපාලනයක් ගෙනාවා කියලා?
වරාය කියන්නේ ක්‍රිකට් තිබ්බ තැනක් නෙවෙයි. මෙහෙ තිබ්බේ වොලිබෝල්, නෙට්බෝල්, පාපන්දු වගේ ක්‍රීඩා. හිටපු සභාපතිතුමාට ඕන හින්දා වරායේ සල්ලි වියදම් කරලා &ක්ලබ් එකක්* මිලදී අරගෙන මෙතන ක්‍රිකට් පටන්ගත්තා. මම ඒකට කැමති වුණේ නැහැ. 

 


වරායේ ක්‍රිකට් තිබ්බා නේද අතීතයේ ඉඳලා?
ඒ තිබ්බේ වෙළෙඳ සේවා ක්‍රිකට් මිසක් ක්ලබ්වලට ලක්ෂ ගණන් වියදම් කරලා ගහපු ක්‍රිකට් නෙවෙයි. වරාය අධිකාරියේ ක්‍රිකට් හෙට නවත්වන්න පුළුවන්නම් මම ඒක හෙට නවත්වනවා. මම මෙතෙන්ට එනකොට ලංකාවේ වොලිබෝල් නායකයා වරායේ සිකියුරිටි ගාඩ් කෙනෙක්. මම ඔහුව නියමිත තැන තිබ්බා. 
රණතුංග පවුලේ සහෝදරයෝ හතර පස්දෙනා දේශපාලන පක්ෂ හතර පහක ඉඳගෙන දේශපාලන කරන්නේ පවුල රුකගන්නද?
නැහැ. අපි අපේ දේශපාලන මතවාද එක්ක ඉදිරියට යනවා. මම කැමතියි මඤ්ඤොක්කයි පොලුයි කන්න. ප්‍රසන්න මල්ලී චයිනීස් කන්න කැමති ඇති. 

 


ඔබ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා මතක් කළා. ඔහු වරක් ප්‍රකාශයක් කළා ඔබ ඔබේ පියාට, රෙජී රණතුංග මැතිතුමාට වැඩිම හිරිහැර කළ පක්ෂයට අද ඔබ පූට්ටු වෙලා කියලා?
ඔව්. තාත්තාට එක්සත් ජාතික පක්ෂයෙන් ලොකු ලොකු ප්‍රශ්න ඇතිවුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයගෙනුත් තාත්තට කිසි සැලකීමක් තිබුණේ නැහැ. තාත්තා මැරෙණකොටත් මැරැණේ මන්ත්‍රීවරයෙක් විදිහට. ශ්‍රීපති සූරියආරච්චි නැතිවුණාට පස්සේ තාත්තාට අවස්ථාව ලැබුණා. ඒ වෙනකොට තාත්තට තිබුණ ආණ්ඩුකාර පදවිය අතහැරලා ඔහු මිනුවන්ගොඩට සේවය කරන්න මන්ත්‍රීකමට ආවා. තාත්තා ආවට පස්සේ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට ගත්ත මහින්ද විජේසේකරලට ඇමැතිකම් දෙද්දී තාත්තට බලන් ඉන්න වුණා. ඊට පස්සේ තාත්තා වැඩිකල් ජීවත් වුණේ නැහැ. 

 


නමුත් එක්සත් ජාතික පාක්ෂිකයන් ඔබේ නිවෙස එදා ගිනි තියපු වෙලාවේ එතැනට ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයා නේද?
නැහැ. ඔහු ආවේ නැහැ. එතනට ආවේ අනුර බණ්ඩාරනායක මහත්තයයි, විජය කුමාරණතුංග මහත්තයයි. අනික එදා අපේ ගේ ගිනි තියපු එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ නෙවෙයි අද එතෙන ඉන්නේ. 


ප්‍රසාද් අබේවික්‍රම

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00